ඈබොරිජිනල් වරු
(සිඩ්නි වරාය අසල රන්ගනයක් ඉදිරිපත් කරන ඈබොරිජිනල්වරු)
ඈබොරිජිනල් වරු ඔස්ට්‍රේලියානු මහද්වීපයේ මුල් පදින්චිකරුවන්ය. විවිද ගෝත්‍ර වලට ඔවුන් බෙදී විසිරී සිටියත්, පරිසරය සමග බද්දව සිටි ඔවුන් තම එදිනෙදා කටයුතු කිරීමට අවශ්‍ය සියලුදේ පරිසරයෙන්ම ඉතා නිර්මානාත්මකව ලබාගෙන ජීවත් වුනි.
මම මෙම ලිපියෙන් සිඩ්නි නුවර ඔස්ට්‍රේලියානු ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඈති ඔවුන් භාවිත කල දේ කිහිපයක් ඔබවෙත ගෙන එමි.
1) ශාක පොතු වලින් සාදන ලද ඔරු
ඇබොරිජිනල්වරු ප්‍රවාහනය සහ මසුන් මැරීම සඳහා ගස්වල පොතු වලින් සාදාගත් ඔරු (bark canoes) යොදාගන්නා ලදී. මෙම ඔරුවක් සෑදීමේ මුල් පියවර ලෙස ඊට සුදුසු ගසක් තෝරා ගැනීම සිදු කරන ලදී. මේ සඳහා වැඩි වශයෙන් ගත්තේ රතු ගම් ගස් (red gum) විය. ඊට හේතුව වූයේ එම ගස් සතුව ඇති අනෙක් ගස්වලටවඩා ගනකම් පොත්තයි. ඉන්පසුව පොත්ත කැපීම පහසුවන ලෙස ගස මත සලකුනු කිරීමද ඉන්පසුව පොත්ත පලුදුනොවන ලෙස ඉවත් කිරීමද සිදුකරන ලදී. මෙය සියුම් හා විශාල කාලයක් වැයවන කාර්යයක් විය. දැන් කබයක් ආදාරයෙන් පොත්ත ඔරුවක හැඩයෙන් ගැටගසා තබන ලදී. මෙය කරන ලද්දේ ඔරුවේ අවශ්‍ය ඉඩ හා ස්තායීතාවය ගැනීමටයි. මීටර 3ක් හෝ 4ක් පමන දිගට හා සෙන්ටිමීටර 39ක් පමන පලලට තැනූ මෙම ඔරු නිර්මානය කරන ලද්දේ ගංගාව සෙමින් හෝ වේගවත් ජල ප්රවාහයන් සහිතවීම මත බවයි.
2)
මෙවලම්
මේ තිබෙන්නේ ඇබොරිජිනල්වරුන්ගේ මෙවලම් කිහිපයක්. මේවා කැපීම, යතු ගෑම සහ හිල් විදීම වැන් කාර්යයන් සඳහා යොදාගෙන ඇත.
1 තන්තුවලින් තැනූ ලනුව රෙදි විවීම, ඇදගෙන යාම, බැඳීම, ඇදගෙන යාම වැනි කාර්යයන්ට ප්‍රයෝජනවත්වී ඇත.
2. මෝර දත්වලින් සෑදූ පිහියක්
3. සිප්පි කටු වලින් සැදූ ලී මිටක් සහිත පිහියක්
4. කැන්ගරූ දත් වලින් සෑදූ හිල් විදිනයක් (drill)
5,6,7,8,9 පාශාන වලින් සෑදූ පොරවල්
3)
යුද අවි - මුගුරු
මුගුරු ඇබොරිජිනල්වරුන්ගේ ප්‍රදාන යුද අවියක්. ඔවුන් මෙම මුගුරු ලීයෙන් කරන ලද පලිහ සමග සටන් වලදී භාවිත කර ඇත. මෙම මුගුරු ලීයෙන් සාදා ඇති අතර සමහරක් මුගුරු වලට අශ්වලාඩම් වලට යොදන ඇන සවිකර ඇත. තවත් සමහර මුගුරු ඇල්ලීම පහසු කරවීමට රලු කර ඇත
4)
යුද අවි - හෙල්ලය
හෙල්ලය තවත් ඇබොරිජිනල් ආයුදයකි. ඔවුන් එය යුද්දයට මෙන්ම මසුන් මැරීම, දඩයම සහ දඬුවම් ක්ඉරීමටද යොදාගෙන ඇත.
5)
යුද අවි - බූමරංග
බූමරංග (boomerang) ඔස්ට්‍රේලියානු ඇබොරිජිනල් ජනතාවට ආවේනික අංගයක්. ප්‍රධාන වශයෙන්ම මෙය යොදාගන්නේ දඩයම්, සටන් සහ ක්‍රීඩා සහ උත්සව සඳහාද යොදාගනු ලබනවා. බූමරංග නැවත පැමිනෙන සහ නැවත නොපැමිනෙන ලෙස වර්ග දෙකක් තිබෙනවා. සමහර ඒවා අලංකාර කර තිබෙන අතර කිසිදු අලංකරනයක් නැති බූමරංගද දැකිය හැකියි.
6)
පලිහ
ඇබොරිජිනල්වරු සටන් සඳහා භාවිතාකල දැවයෙන් තැනූ පලිහ.
වෑඩි විස්තර සදහා මගේ ෆේස්බුක් පුටුව ලයික් කරන්න
https://www.facebook.com/ruchikaroopa/