2019 සිඩ්නි නව අවුරුදු මල්වෙඩි සංදර්ශනය
උදාවූ 2019 නව වසර පිලිගැනීමට සිඩ්නි නුවර සුපුරුදු පරිදි සංවිදානය්කර තිබූ මල්වෙඩි සංදර්ශනය සිඩ්නි ඉතිහාසයේ විශාලම මල්වෙඩි සංදර්ශනය ලෙස වාර්තා පොතට එක්විය. මිනිත්තු 12ක කාලයක් පුරා පැවති සංදර්ශනයට මෙවර ටොන් 8.5ක කිනිකෙලි තොගයක් යොදාගෙන තිබේ. මේ අතරට දූම කේතු 35,000 සහ අහස මැදදී පාට වෙනස් වන මල්වෙඩි තිබීම විශේශත්වයක්.
සිඩ්නි ඔපෙරා රඟහල ආසන්නයේ හොඳම ස්තානයක් ලබාගෑනීමට උදෑසන 8ට පමන පෑමිනියත් ඒවන විටත් විශාල සෙනඟක් ඉදිරිපස ප්‍රදෙශයේ කඳවුරුලා සිටීම අවාසනාවන්ත සිදුවීමක් විය. කෙසේ නමුත් ඔපෙරා රඟහල පඩිපෙල මුදුනට වන්නට සිටියේ පසුව පුංචි හෝ ඉඩකඩක් ලබා ගෑනීමේ අටියෙනි.
උදෑසන පෑවති දෑඩි හිරු රශ්මිය හා සවස් භාගයේ පතිතවු වර්ශාවෙන් දෑඩිලෙස පීඩා වින්දත් එය වාසනාවකට පෙරලුනේ සමහරුන් නෑවත නිවෙස් වෙත යාම නිසා ඉඩකඩ මදක් විවර වීමෙනි.
මේ නිසා අවසානයේ පසුපසට වන්නට ලෑබුනු ඉඩක කෑමරා ආම්පන්න අටවා ගෙන ලබාගත් සේයාරූ ඔබවෙත මෙසේ ගෙන එමි.
No comments:
Post a Comment