Fo Guan Shan Nan Tien යනු ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි නුවරට කි.මි 80ක් පමන දකුනින් පිහිටි වුලොන්ගොං නගරයට යාබදව පිහිටි බෞද්ද පන්සලකි. මෙය තායිවානය කේන්ද්‍ර කරගෙන ආරම්භවූ මහායාන නිකායකට අයත් 1995දී පමන ඉදිකරන ලද පන්සලකි.
දුම්‍රියෙන් වුලොංගොං වෙත ලඟාවීම අපගේ සැලසුම වුවත් ගමන යෙදී තිබූ සෙනසුරාදා දිනය මෙම මාර්ගයේ දුම්‍රිය ක්‍රියාත්මක වුනේ නැත. ඊට අමතරව එදින උදයේ දැඩි වර්ශාපතනයක් පතිත විය. කෙසේ හෝ පාන්දර 5ට පමන දුම්‍රියස්තානයෙන් ආරම්භවූ බසයකට ගොඩවු අප වුලොංගොං වෙත ලඟාවන විට උදෑසන 7 පමන විය. එතැන් සිට විනාඩි 10කවස් ගමනකින් පන්සල වෙත ලඟා වුනෙමු. වැහිබර දිනයක් වූ නිසා පන්සල සහ අවට භූමිය අලංකාර ස්වභාවයක් ගත්තේය. මාර්ගයේ සිට ඇතුලුවූ විටම දිස්වන්න ගොඩනැගිල්ලේ හිමිවරු කිහිප නමක් සිටි අතර ඊට ඉදිරියෙන් ජපන් ජබර වැනි ශාක විශාලව වැවුනු පොකුනක් විය. ඒ අවට විවිද පිලිම තැන තැන දක්නට ලැබින.
පන්සල් භූමියේ මැදට වන්නට ඇත්තේ ප්‍රදාන ගොඩනැගිල්ලයි. චීන ගෘහනිර්මානශිල්පයේ ලක්ශන පෙන්වන මෙහි නිර්මාංශ ආගාර ගැනීමට පහසුකම්ද ඇත.
භූමියේ ඇති උස් ස්තානයක Gratitude Bell නමින් හඳුන්වන ඝන්ඨාරයක් ඇත. මුතුන්මිත්තන්ට ස්තූති කිරීමට මෙය නාද කිරිමට කිහිප දෙනෙකු පැමිනියහ.
මෙහි ගොඩනැගිලි අතුරෙන් විශේශිතම ගොඩනැගිල්ල වනුයේ මහල් අටකින් සමන්විත කුලුනයි. යටිමහලේ ආගමික වතාවත් කිරීමට අවකාශ තිබ්බත් ඉහල මහල් වල මිනිසුන්ගේ භශ්මාවශේශ තැන්පන් කර ඇත.
මේ ගමනේදී ලබාගත් චායරූප පහතින්
Subscribe to:
Post Comments (Atom)
හෝක්ස්බරි ගඟේ බෝට්ටු සවාරිය
හෝක්ස්බරි ගඟ පිහිටා තිබෙන්නේ සිඩ්නි නගරයට පෑයක පමන ගමනික් පසුවයි. විශාල නදියක් වෙන මෙයට අතු ගන්ගා කිහිපයකින් ජලය ලෑබෙනවා. මෙම ගඟේ මසුන් ඈල...

-
2019 සිඩ්නි නව අවුරුදු මල්වෙඩි සංදර්ශනය උදාවූ 2019 නව වසර පිලිගැනීමට සිඩ්නි නුවර සුපුරුදු පරිදි සංවිදානය්කර තිබූ මල්වෙඩි සංදර්ශනය ස...
-
Fo Guan Shan Nan Tien යනු ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි නුවරට කි.මි 80ක් පමන දකුනින් පිහිටි වුලොන්ගොං නගරයට යාබදව පිහිට...
-
ඔස්ට්‍රේලියාවේ අගනුවර - කැන්බරා හුඟ කාලයක ඉඳන් යන්න හිතාගෙන හිටියත් කැන්බරා යන්න අවස්තාවක් ලැබුනේ පහුගිය නත්තල් මාසයේ 29වැනි සෙනසුරාදා....
No comments:
Post a Comment