Saturday, October 20, 2018

ස්වභාව සෞන්දර්යය - Natural Beauty

ස්වභාව සෞන්දර්යය - Natural Beauty 





සුන්දර කෝල්ක්ලිෆ් වෙරල තීරය (Coalcliff Rock pools - Oct 2018)














වෑඩි විස්තර සදහා මගේ ෆේස්බුක් පුටුව ලයික් කරන්න https://www.facebook.com/ruchikaroopa/






සී ක්ලිෆ් පාලම (Sea Cliff Bridge)


සී ක්ලිෆ් පාලම (Sea Cliff Bridge)




ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉලවාරා(Illawarra) ප්‍රදේශයේ coalcliff, otford, stanwell park හා Helensburgh යන නගර Woollongong ප්‍රදාන නගරය හා සම්භන්ද කරන මාර්ගය වන Lawrence Hargrave Drive වර්ශ 2003 අගෝස්තුමස සිදුවූ විශාල පර්වතයක් කඩා වැටීම නිසා දින නියමයකින් තොරව වසා දමන ලදී. ගල් අඟුරු පතල් සඳහා ප්‍රසිද්ද මේ ප්‍රදේශයේ පස මුහුදේ බලපෑමෙන් ඛාදනයට ලක්වීම නිසා මෙවැනි නායයෑම් සුලභ සිදූවීමක් වුවත් මේ සිදුවීම මාර්ගය වසාදැමීමට තරම් බරපතල විය. මාර්ගය වසා දැමීමත් සමග ඉහත නගරවල ජනතාවට තිබූ එකම මාර්ගය අහිමිවීම නිසා විශාල ජනතා විරෝදයක් එල්ල විය. ඊට පිලියමක් ලෙස මාර්ගයේ clifton සහා coalcliff අතර පාලමක් ඉදිකිරීම ආරම්භ කරන ලදී. ඒ අනුව වර්ශ 2005 දෙසැම්බර් 11 වන දින ප්‍රාන්ත අගමැති මොරිස් ලෙමා විසින් මෙම පාලම උත්සවාකාරයෙන් විවුර්ත කරන ලදී.
ඩොලර් මිලියන 42ක වියදමකින් මාස 18ක් තුල ඉදිකල දිගින් මීටර 665ක් වන මෙම පාලම, ගල් කඳු කඩා වැටීමෙන් සිදුවන අනතුරු වලක්වා ගැනීමට කඳු බෑවුමට ඈතින් ඉදිකර ඇත. වසර 100ක ආයුකාලයක් ඇති මෙම පාලම කැන්ටිලීවර් (balanced Cantilever) ක්‍රමයට නිර්මාණය කර ඇති අතර මලකඩ කෑම වැලැක්වීමට cathode protection system ක්‍රමය භාවිතා කර ඇත.
අද වනවිට මෙම පාලම සංචාරක ආකර්ශනය දිනාගෙන තිබීමද අවසාන වශයෙන් සිහිපත් කල යුතුය.










වෑඩි විස්තර සදහා මගේ ෆේස්බුක් පුටුව ලයික් කරන්න https://www.facebook.com/ruchikaroopa/





Saturday, October 13, 2018

ඈබොරිජිනල් වරු

ඈබොරිජිනල් වරු



(සිඩ්නි වරාය අසල රන්ගනයක් ඉදිරිපත් කරන ඈබොරිජිනල්වරු)


ඈබොරිජිනල් වරු ඔස්ට්‍රේලියානු මහද්වීපයේ මුල් පදින්චිකරුවන්ය. විවිද ගෝත්‍ර වලට ඔවුන් බෙදී විසිරී සිටියත්, පරිසරය සමග බද්දව සිටි ඔවුන් තම එදිනෙදා කටයුතු කිරීමට අවශ්ය සියලුදේ පරිසරයෙන්ම ඉතා නිර්මානාත්මකව ලබාගෙන ජීවත් වුනි.

මම මෙම ලිපියෙන් සිඩ්නි නුවර ඔස්ට්‍රේලියානු ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඈති ඔවුන් භාවිත කල දේ කිහිපයක් ඔබවෙත ගෙන එමි.


1) ශාක පොතු වලින් සාදන ලද ඔරු







ඇබොරිජිනල්වරු ප්‍රවාහනය සහ මසුන් මැරීම සඳහා ගස්වල පොතු වලින් සාදාගත් ඔරු (bark canoes) යොදාගන්නා ලදී. මෙම ඔරුවක් සෑදීමේ මුල් පියවර ලෙස ඊට සුදුසු ගසක් තෝරා ගැනීම සිදු කරන ලදී. මේ සඳහා වැඩි වශයෙන් ගත්තේ රතු ගම් ගස් (red gum) විය. ඊට හේතුව වූයේ එම ගස් සතුව ඇති අනෙක් ගස්වලටවඩා ගනකම් පොත්තයි. ඉන්පසුව පොත්ත කැපීම පහසුවන ලෙස ගස මත සලකුනු කිරීමද ඉන්පසුව පොත්ත පලුදුනොවන ලෙස ඉවත් කිරීමද සිදුකරන ලදී. මෙය සියුම් හා විශාල කාලයක් වැයවන කාර්‍යයක් විය. දැන් කබයක් ආදාරයෙන් පොත්ත ඔරුවක හැඩයෙන් ගැටගසා තබන ලදී. මෙය කරන ලද්දේ ඔරුවේ අවශ්‍ය ඉඩ හා ස්තායීතාවය ගැනීමටයි. මීටර 3ක් හෝ 4ක් පමන දිගට හා සෙන්ටිමීටර 39ක් පමන පලලට තැනූ මෙම ඔරු නිර්මානය කරන ලද්දේ ගංගාව සෙමින් හෝ වේගවත් ජල ප්‍රවාහයන් සහිතවීම මත බවයි.


2) මෙවලම්







මේ තිබෙන්නේ ඇබොරිජිනල්වරුන්ගේ මෙවලම් කිහිපයක්. මේවා කැපීම, යතු ගෑම සහ හිල් විදීම වැන් කාර්‍යයන් සඳහා යොදාගෙන ඇත. 

1 තන්තුවලින් තැනූ ලනුව රෙදි විවීම, ඇදගෙන යාම, බැඳීම, ඇදගෙන යාම වැනි කාර්‍යයන්ට ප්‍රයෝජනවත්වී ඇත. 
2. මෝර දත්වලින් සෑදූ පිහියක්
3. සිප්පි කටු වලින් සැදූ ලී මිටක් සහිත පිහියක්
4. කැන්ගරූ දත් වලින් සෑදූ හිල් විදිනයක් (drill)
5,6,7,8,9 පාශාන වලින් සෑදූ පොරවල්




3) යුද අවි -  මුගුරු







මුගුරු ඇබොරිජිනල්වරුන්ගේ ප්‍රදාන යුද අවියක්. ඔවුන් මෙම මුගුරු ලීයෙන් කරන ලද පලිහ සමග සටන් වලදී භාවිත කර ඇත. මෙම මුගුරු ලීයෙන් සාදා ඇති අතර සමහරක් මුගුරු වලට අශ්වලාඩම් වලට යොදන ඇන සවිකර ඇත. තවත් සමහර මුගුරු ඇල්ලීම පහසු කරවීමට රලු කර ඇත


4) යුද අවි - හෙල්ලය 



හෙල්ලය තවත් ඇබොරිජිනල් ආයුදයකි. ඔවුන් එය යුද්දයට මෙන්ම මසුන් මැරීම, දඩයම සහ දඬුවම් ක්ඉරීමටද යොදාගෙන ඇත.

5)  යුද අවි - බූමරංග




බූමරංග (boomerang) ඔස්ට්‍රේලියානු ඇබොරිජිනල් ජනතාවට ආවේනික අංගයක්. ප්‍රධාන වශයෙන්ම මෙය යොදාගන්නේ දඩයම්, සටන් සහ ක්‍රීඩා සහ උත්සව සඳහාද යොදාගනු ලබනවා. බූමරංග නැවත පැමිනෙන සහ නැවත නොපැමිනෙන ලෙස වර්ග දෙකක් තිබෙනවා. සමහර ඒවා අලංකාර කර තිබෙන අතර කිසිදු අලංකරනයක් නැති බූමරංගද දැකිය හැකියි.



6)  පලිහ 

ඇබොරිජිනල්වරු සටන් සඳහා භාවිතාකල දැවයෙන් තැනූ පලිහ.












වෑඩි විස්තර සදහා මගේ ෆේස්බුක් පුටුව ලයික් කරන්න https://www.facebook.com/ruchikaroopa/









රුචික රූප




(වොලබි සත්වයෙක් - සිඩ්නි ටෑරොන්ගා සත්වෝද්යානය)


ඡායාරූපකරණය සහ සන්චාරය කිරීම මගේ විනෝදාන්ශ නිසා මවිසින් ලබාගත් ඡායාරූප කෙටි විස්තරද සමග මෙම බ්ලොග් අඩවිය ඔස්සේ ඔබට ගෙන ඒම මගේ අරමුණයි.

තවත් විස්තර සදහා මගේ ෆේස්බුක් පිටුවට පිවිස ලයික් කරන්න. https://www.facebook.com/ruchikaroopa/





හෝක්ස්බරි ගඟේ බෝට්ටු සවාරිය

  හෝක්ස්බරි ගඟ පිහිටා තිබෙන්නේ සිඩ්නි නගරයට පෑයක පමන ගමනික් පසුවයි. විශාල නදියක් වෙන මෙයට අතු ගන්ගා කිහිපයකින් ජලය ලෑබෙනවා. මෙම ගඟේ මසුන් ඈල...