Thursday, September 5, 2019

හිම කඳුකරයේ සංචාරය - Snowy Mountains

හිම කඳුකරයේ සංචාරය


මේ බ්ලොග් සටහන ඔස්ට්‍රේලියාවෙ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ තියෙන හිම කඳුකරයට (Snowy mountains) රුචික රූල කණ්ඩායම කරපු සංචාරය ගැනයි.





ඔස්ට්‍රේලියාව කියන්නෙ රටක් වගේම මහද්වීපයක් කියලා ඔයාලා දන්නවා ඇති. ඔස්ට්‍රේලියාවේ බටහිර සහ මැද විශාල භූමි ප්‍රමානයක් කාන්තාර. ඒවගේම උතුරු ප්‍රදේශය (Northern Territory) සහ ක්වීන්ස්ලෑන්ඩ් ප්‍රාන්තය නිවර්තන වනාන්තර බහුල ප්‍රදේශයක්.දකුනු නිව්සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්තය පුරා පැතිරුන ඔස්ට්‍රේලියානු ඇල්ප්ස් කඳුකර ප්‍රදේශයට අයත්වෙන කඳු පන්තියක් තමයි snowy mountains කියන්නෙ. මේකට ඔස්ට්‍රේලියානු මහද්වීපයේ ඇති උසම කඳු පහක් අයත් වෙනවා. ඒ අතර ඔස්ට්‍රේලියාවේ උසම කන්ද වන Kosciuszko කන්දත් අයිතියි.

ඔස්ට්‍රේලියානු ශීත ඍතුව වන ජූනි සිට අගෝස්තු කාලයේ මේ කදුකරයට හිම පතිත වෙනවා. මේත් එක්කම ඔස්ට්‍රේලියානු වැසියන් බොහොමයක් හිම ක්‍රීඩා කිරීමට මෙහෙ යනවා.
හිම ක්‍රීඩා කිරීම සඳහා ප්‍රසිද්දියක් උසුලන හිම නිකේතනයක් පිහිටා තියෙන්නෙ පෙරිශ වැලී (Perisher Valley) කියන පැත්තෙ. සිඩ්නි නුවර සිට කිලෝමීටර 500ක් පමණ දුරින් පිහිටි මෙහෙට යාමට නම් කාරයකින් යායුතුයි. රුචික රූප කණ්ඩායම තවත් මිතුරන් දෙදෙනෙකු සමග කාරයකින් යන්න පිටත් උනේ සිකුරාදා දිනයක උදේ 10ට පමණ. ගමන් මාර්ගය වැටී තිබුනේ කැන්බරා නගරය හරහා බැවින් දිවා ආහාරය අපි ගත්තේ එහි තිබූ ඉන්දියන් කඩයකින්. Snowy mountains අසල නවාතැන්පලවල් මිලෙන් ඉහල බැවින් අප රාත්‍රිය ගත කිරීමට කූමා (Cooma) නගරයෙන් කාමර කලින්ම වෙන්කරවා ගත්තා. රාත්‍රී දෙකක් සඳහා ඔස්ට්‍රේලියානු ඩොලර් 300ක් පමන වියදම් උනත් එම කාමර වැසිකිලියක් සමග ඉතා පිරිසිදුව තිබුනා. කූමා වෙත ලඟාවෙන විට රාත්‍රී 6 පමණ උනත් අපි කෙලින්ම ගියේ පසු දිනට අවශ්‍යවන හිම ක්‍රීඩා උපකරන කුලියට ගැනීමට. හිමේ කරන ප්‍රදානම ක්‍රීඩා දෙකක් නම් snowboarding සහ ski. රුචික රූප කැන්ඩායම snowboarding උපකරණද අපේ මිතුරන් ski උපකරනද ගත්තේ පසුව හුවමාරු කරගෙන සෙල්ලම් කිරීමේ අදහසින්. මේ සඳහා ඩොලර් 150ක් පමණ වැය උනා. ඒත් සමගම හිම ඇඳුම්, සපත්තු සහ අමතර ඩොලර් 8කට හිස්වැසුමක්ද ලැබුනා.



කූමා නගරයේ අවන්හලකින් ගත් රාත්‍රී අහාරයෙන් පසුව නින්දට ගිය අපි පසුදින උදේ 6ට පමන perisher valley බලා පිටත් උනා. පැය 1ක පමන ගමනකින් පසු උදේ 7ට පමන එහි ලඟාවන විටත් විශාල වාහන පෝලිමක් එහි තිබුනා. උදෙන් පැමිනි නිසා අපට වාහනය ගාල් කිරීමට අපහසු උනේ නෑ. එහි පැමිනි ලොකු කුඩා සියලු දෙනා වාහනවලින් බැසගත් ගමන්ම තමන්ගේ හිම ඇදුම් පැලඳ ගත්තේ හැකි ඉක්මනින් ක්‍රීඩා කිරීමටයි. ඉක්මනින් ඇදගත් අපද හිම ක්‍රීඩා කරන ප්‍රදේශයට ගියේ ඒගැන අවබෝදයක් ගැනීමටයි. හිම කන්දක් උඩට කේබල් කාර් මගින් යාමට ඩොලර් 300ක් පමන වැයවන නිසාත් මේ අපගේ පලමු හිම අත්දැකීම නිසාත් ඒතරම් මුදලක් වැයකිරීම ණුවනට හුරු නොවනබව තේරුම් ගත් අපි, රථ ගාල අසල පිහිටි හිමෙන් වැසුනු කුඩා කඳු ගැටයක් වෙත ගියේ පලමුව පුරුදු වීමටයි. මුලදී ලිස්සන නිසා බියක් දැනුනත් එකිනෙකාගේ උදව් ඇතිව කෙටි දුරවල් මුලින් පුරුදු උනා. මෙහිදී ski කිරීමට වඩා snowboarding කිරීම අපට පහසු උනා. ටික වේලාවක් පුරුදු වීමෙන් පසුව කුඩා බෑවුමක් ඇති ප්‍රදේශයකට ගොස් පහතට ඒමට අප සැමදෙනාටම හැකි උනා. මෙහිදී අමාරුම කාර්‍යය උනේ snowboard පුවරුව ඒ සඳහා විශේශිත සපත්තුවලට සවිකරගෙන කෙලින් සිටීමයි. මන්දයත් බෑවුමේ ලිස්සන නිසා තව කෙනෙකු තදින් අල්ලාගෙන සිට අත හැරීමට අවශය උනා. කෙසේ වෙතත් බෑවුමේ අවසානයට ලන්වෙන කොට බිම ඇද වැටීමනම් සිදු උනා. දහවල් ආහාරය සහ හැන්දෑ තේ පානය එතනින්ම ලබාගත් අපි සවස 4ට පමන පිටත් උනේ සවස 6ට පෙර හිම උපකරන නැවත භාරදිය යුතු නිසා. 





පසුදින උදේ 8ට පමන නවාතානෙන් පිට උන අපි සිඩ්නි වෙත පැමිනීමට යොදා ගත්තේ වෙනත් මාර්ගයක්. අපට අවශ්‍ය උනේ පරිසරය නරබමින් පැමිනීමටයි. ඒ සඳහා ටියුමිට් (Tumut) නම් නගරය හරහා ඒමට අපි තීරනය කලා. ඒ එන අතර හිමෙන් වැසීහිය දැකුම්කලු කඳු සහ තැනිතලා පසුකරමින් පැමිනියා. අතර මගදී Yarrangobilly ගල්ගුහා සංකීර්ණය බලන්න යන්නත් අප අමතක කලේ නෑ. Glory hole නම් මේ ගල්ගුහා සංකීර්නය තුලට ඇතුලු වන තැන ඉහලින් අහස දිස්වන විශාල විවරයක් තිබෙනවා. එය ඉතා සිත් ඇදගන්නා සුලු දර්ශනයක්. ගල්ගුහා තුලට යාමට මග සකසා ඇති නිසා අප ඒ සඳහා පිටත් උනා. ගුහාවේ පොලව උඩින් වැටෙන ජලයෙන් තෙත්වී තීබීමත් සමහර තැන්වලදී හිස පහත් කරගෙන පඩි නැගීමත් ගමන ටිකක් අභියෝගාත්මක එකක කලා. දිගු කලක් ජලය බින්දු බින්දු වැටීමෙන් ගුහාවේ වහලයේ ලවන බැඳී තිබුම ආකාරය චමත්කාරජනක අත්දැකීමක් උනා. ඉන් පිටතට පැමිනි අප අසල ඇති උණු වතුර ලිඳකින් නාගෙන නැවත ඒමට පිටත් උනා. ටියුමිට් වලදී දිවා ආහාරය ගත් අපි පැය 6ක පමන ගමනකින් පසුව සිඩ්නි වෙත ලඟා උනා.






මේ ගමන විශේශිත උනේ අප සැමගේ පලමු හිම අත්දැකීම මෙයවූ නිසා. තවද සත්ව පාලනය හා බැඳුනු නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගැමි ජීවිතය දැක ගන්නත් අඔඅට ලැබුනේ හැම තැනම තිබෙන බැටලු සහ ගව පට්ටි නිසා. සතුට සහ විනෝදය අතරේ ශෝකය දනවන කාරනයක් තිබුනනම් ඒ තමයි වාහන වල ගැටී මග දෙපස මැරී වැටී සිටි කැන්ගරුවන් විශාල ප්‍රමානය. කෙසේ වෙතත් මේ ගමන ජීවිතයේ අමතක නොවන අත්දැකීමක් ගෙනෙදෙන්නට සමත් උනා කිව්වොත් නිවැරදියි.



වැඩිදුර පින්තූර බලන්න ලයික් කරන්න රුචික රූප ෆේස්බුක් පිටුව

මේ සංචාරය සහ අනෙකුත් සංචාර ගැන බලන්න සබ්ස්ක්‍රයිබ් කරන්න අපගේ youtube චැනලය.





Sunday, March 31, 2019

ෆෝ ගුඈන් ශාන් නෑන් ටියෙන් බෞද්ද පන්සල

Fo Guan Shan Nan Tien යනු ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි නුවරට කි.මි 80ක් පමන දකුනින් පිහිටි වුලොන්ගොං නගරයට යාබදව පිහිටි බෞද්ද පන්සලකි. මෙය තායිවානය කේන්ද්‍ර කරගෙන ආරම්භවූ මහායාන නිකායකට අයත් 1995දී පමන ඉදිකරන ලද පන්සලකි.

දුම්‍රියෙන් වුලොංගොං වෙත ලඟාවීම අපගේ සැලසුම වුවත් ගමන යෙදී තිබූ සෙනසුරාදා දිනය මෙම මාර්ගයේ දුම්‍රිය ක්‍රියාත්මක වුනේ නැත. ඊට අමතරව එදින උදයේ දැඩි වර්ශාපතනයක් පතිත විය. කෙසේ හෝ පාන්දර 5ට පමන දුම්‍රියස්තානයෙන් ආරම්භවූ බසයකට ගොඩවු අප වුලොංගොං වෙත ලඟාවන විට උදෑසන 7 පමන විය. එතැන් සිට විනාඩි 10කවස් ගමනකින් පන්සල වෙත ලඟා වුනෙමු. වැහිබර දිනයක් වූ නිසා පන්සල සහ අවට භූමිය අලංකාර ස්වභාවයක් ගත්තේය. මාර්ගයේ සිට ඇතුලුවූ විටම දිස්වන්න ගොඩනැගිල්ලේ හිමිවරු කිහිප නමක් සිටි අතර ඊට ඉදිරියෙන් ජපන් ජබර වැනි ශාක විශාලව වැවුනු පොකුනක් විය. ඒ අවට විවිද පිලිම තැන තැන දක්නට ලැබින.

පන්සල් භූමියේ මැදට වන්නට ඇත්තේ ප්‍රදාන ගොඩනැගිල්ලයි. චීන ගෘහනිර්මානශිල්පයේ ලක්ශන පෙන්වන මෙහි නිර්මාංශ ආගාර ගැනීමට පහසුකම්ද ඇත.

භූමියේ ඇති උස් ස්තානයක Gratitude Bell නමින් හඳුන්වන ඝන්ඨාරයක් ඇත. මුතුන්මිත්තන්ට ස්තූති කිරීමට මෙය නාද කිරිමට කිහිප දෙනෙකු පැමිනියහ.

මෙහි ගොඩනැගිලි අතුරෙන් විශේශිතම ගොඩනැගිල්ල වනුයේ මහල් අටකින් සමන්විත කුලුනයි. යටිමහලේ ආගමික වතාවත් කිරීමට අවකාශ තිබ්බත් ඉහල මහල් වල මිනිසුන්ගේ භශ්මාවශේශ තැන්පන් කර ඇත.

මේ ගමනේදී ලබාගත් චායරූප පහතින්








Wednesday, January 2, 2019

ඔස්ට්‍රේලියාවේ අගනුවර - කැන්බරා

ඔස්ට්‍රේලියාවේ අගනුවර - කැන්බරා

හුඟ කාලයක ඉඳන් යන්න හිතාගෙන හිටියත් කැන්බරා යන්න අවස්තාවක් ලැබුනේ පහුගිය නත්තල් මාසයේ 29වැනි සෙනසුරාදා. දුර ගමන් බස් රතයක් කලින්ම වෙන්කරවාගත් අපි උදේ 5ට සිඩ්නි සිට පිටත් උනා. කැන්බරාහී Jolimont Centre වෙත 8.30 වන විට ලඟා වුන ගමන්ම කලින් සැලසුම් කරගත් පරිදි මුලින්ම කලේ බස් කාඩ්පත් ලබා ගන්න එකයි.
ඉන්පසුව බසයකින් මුලින්ම ගියේ පරණ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල බලන්න. එතන සිට අලුත් පාර්ලිමේන්තුවත් ඒ අසලම පිහිටි National Gallery if Australia ට අයත් sculpture garden බලන්නත් යෙදුනා. ඉන්පසුව නැවත බසයකින් පැමිනියේ ANZAC parade මාර්ගය දිගේ ඇවිදීමටයි. ඒ දෙපස ඇති යුද ස්මාරක නරබමින් පැමිනියේ Australian war memorial කෞතුකාගාරය දැකබලා ගන්න.

ගමන පයින් උන නිසාත් එදින දැඩි හිරු රශ්මියක් පතිත උන නිසාත් අපට තවත් වේලා ගතකරන්න නොලැබුනා. ඒ නිසාම පැය තුනක් පමන Jolimont Centre බස් නැවතුමේ ඉන්දියා ඔස්ට්‍රේලියා ක්‍රිකට් තරඟය නරබමින් වෙන්කරවාගත් බසය පැමිනෙන තුරු කාලය ගත කලා.
කැන්බරා චායාරූප පහතින් දැක්වේ


පරණ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල


 අලුත් පාර්ලිමේන්තුව



 ANZAC parade








Sculpture Garden








වෑඩි විස්තර සදහා මගේ ෆේස්බුක් පුටුව ලයික් කරන්න 



Tuesday, January 1, 2019

2019 සිඩ්නි නව අවුරුදු මල්වෙඩි සංදර්ශනය


2019 සිඩ්නි නව අවුරුදු මල්වෙඩි සංදර්ශනය



 උදාවූ 2019 නව වසර පිලිගැනීමට සිඩ්නි නුවර සුපුරුදු පරිදි සංවිදානය්කර තිබූ මල්වෙඩි සංදර්ශනය සිඩ්නි ඉතිහාසයේ විශාලම මල්වෙඩි සංදර්ශනය ලෙස වාර්තා පොතට එක්විය. මිනිත්තු 12ක කාලයක් පුරා පැවති සංදර්ශනයට මෙවර ටොන් 8.5ක කිනිකෙලි තොගයක් යොදාගෙන තිබේ. මේ අතරට දූම කේතු 35,000 සහ අහස මැදදී පාට වෙනස් වන මල්වෙඩි තිබීම විශේශත්වයක්.

සිඩ්නි ඔපෙරා රඟහල ආසන්නයේ හොඳම ස්තානයක් ලබාගෑනීමට උදෑසන 8ට පමන පෑමිනියත් ඒවන විටත් විශාල සෙනඟක් ඉදිරිපස ප්‍රදෙශයේ කඳවුරුලා සිටීම අවාසනාවන්ත සිදුවීමක් විය. කෙසේ නමුත් ඔපෙරා රඟහල පඩිපෙල මුදුනට වන්නට සිටියේ පසුව පුංචි හෝ ඉඩකඩක් ලබා ගෑනීමේ අටියෙනි. 

උදෑසන පෑවති දෑඩි හිරු රශ්මිය හා සවස් භාගයේ පතිතවු වර්ශාවෙන් දෑඩිලෙස පීඩා වින්දත් එය වාසනාවකට පෙරලුනේ සමහරුන් නෑවත නිවෙස් වෙත යාම නිසා ඉඩකඩ මදක් විවර වීමෙනි. 

මේ නිසා අවසානයේ පසුපසට වන්නට ලෑබුනු ඉඩක කෑමරා ආම්පන්න  අටවා ගෙන ලබාගත් සේයාරූ ඔබවෙත මෙසේ ගෙන එමි.











හෝක්ස්බරි ගඟේ බෝට්ටු සවාරිය

  හෝක්ස්බරි ගඟ පිහිටා තිබෙන්නේ සිඩ්නි නගරයට පෑයක පමන ගමනික් පසුවයි. විශාල නදියක් වෙන මෙයට අතු ගන්ගා කිහිපයකින් ජලය ලෑබෙනවා. මෙම ගඟේ මසුන් ඈල...