Monday, December 5, 2022

හෝක්ස්බරි ගඟේ බෝට්ටු සවාරිය

 

හෝක්ස්බරි ගඟ පිහිටා තිබෙන්නේ සිඩ්නි නගරයට පෑයක පමන ගමනික් පසුවයි. විශාල නදියක් වෙන මෙයට අතු ගන්ගා කිහිපයකින් ජලය ලෑබෙනවා. මෙම ගඟේ මසුන් ඈල්ලීමට වගේම අවට පරිසරයේ සුන්දරත්වය විඳින්න බෝට්ටු මගින් යෑම, ඔස්ට්‍රේලියානුවන්ගේ ප්‍රියතම විනෝදාන්ශයක්. 



ඉතින්, 2022 ඉල් මස එක් සුන්දර සෙනසුරාදාවක මමයි, බිරිඳයි මගේ මිතුරා සහ ඔහුගේ බිරිඳ සමග මේ ගමන සඳහා පිටත් උනා. උදේ 10ට පමන බෝට්ටුව ලබාගත් අපට එතන කාන්තාව විසින් කුඩා අවවාද කිහිපයක්ද ලබා දුන්නා. (විශේශයෙන් බෝට්ටුව මඩේ සිරවීම වැලැක්වීමට නොයා යුතු තෑන් ගෑන ඇය අපට සිතියමෙන් පෙන්වූවා.) 



කෙසේ හෝ අප බෝට්ටුවෙන් ගමන් ආරම්බ කලා. පෑයට කිලෝමීටර දහයක පමන උපරිම වේගයකට යාහෑකි එම බෝට්ටුව පෑදීමට බලපත්‍රයක් අවශ්ය වූවේ නෑ. එම නිසා අප බිරින්දෑ වරුන්ද මාරුවෙන් මාරුවට එය පදිමින් විනෝද වූවා. 




අපට ලබාදුන් කඩදාසි සිතියමට අමතරව අප දුරකතන වල තිබු ගූගල් සිතියම් යෙදවුමද අපට හරි මග සොයාගන්නට ඉවහල් උනා. 



ඊට පසුව අපි කුඩා දූපතක් වෙත ලඟා උනා. එහි ඉපෑරනි නිවසක නටබුන් සහ සොහොනක්ද තිබුනා. එම දිවයිනේ පෑයක් පමන ගත කල පසුව අප ඊට ආසන්නව තිබෙන twin beaches නම් වෙරලට සේන්දු උනා. එහි ජලයේ ස්නානය කරමින් පෑය බාගයක් පමන ගතකල පසු නෑවත එන්නට අප පිටත් උනා.




නමුත් ආපසු එන ගමනේදී මුහුදින් එන ජල පහරට එරෙහිව යායුතුවූ නිසා, ආපසු ගමන මදක් අපහසු උනා. නමුත් බෝට්ටුවේ තෙල් ඉවරවෙන්නට ඔන්න මෙන්න තිබියදී අප කෙසේ හූ අපගේ ගමන් ආරම්භක ස්තානය වෙතම ලඟා උනා. 


හෝක්ස්බරි ගඟේ බෝට්ටු සවාරිය

  හෝක්ස්බරි ගඟ පිහිටා තිබෙන්නේ සිඩ්නි නගරයට පෑයක පමන ගමනික් පසුවයි. විශාල නදියක් වෙන මෙයට අතු ගන්ගා කිහිපයකින් ජලය ලෑබෙනවා. මෙම ගඟේ මසුන් ඈල...